Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ රෑ බයික්වලින් වැඩ දැම්ම අයියලා 18ක් අත්අඩංගුවට

4 weeks ago

මහරගම, පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මුදල් ඔට්ටුවට ඝෝෂාකාරී අන්දමින් තනි රෝදයෙන් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනකු ඊයේ(14) අලුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසුවා.

පොලීසිය පැවසුවේ එම සැකකාර තරුණයන් සමග යතුරුපැදි 11 ක් හා ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගත් බවයි.

වට්සැප් සමූහයක් ඔස්සේ එකිනෙකා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට තරුණයන් පිරිසක් යතුරු පැදි සහ ත්‍රීරෝද පැදවීමට සූදානමක් පවතින බවට මහරගම පොලිසියේ රථ වාහන අංශයට දින කීපයකට පෙර ලද තොරතුරකට අනුව එහි නිලධාරියෙකුට ඉතා සූක්ෂම ලෙස එම වට්සැප් සමූහයට ඇතුළු වී තොරතුරු ලබාගෙන තිබෙනවා.

ඊට අමතරව යතුරුපැදි මහ හඬ නංවමින් ඒ මේ අත ධාවනය කිරීමෙන් තමන්ට හරි හැටි නින්දක් නොමැති බවට ද පන්නිපිටිය ප්‍රදේශයේ ජනතාවගෙන් නිරන්තරයෙන් පසුගියදා (13) මධ්‍යම රාත්‍රියේ සිට පොලිසියට ඇමතුම් ලැබී තිබුණා.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ මහරගම පොලිසියේ නිලධාරීන් යතුරුපැදි ඒ ආකාරයෙන් අනාරක්ෂිත අයුරින් ධාවනය කරන අවස්ථාවේදීම සැකකරුවන් පිරිස කොටු කර ගැනීමට සමත්වීී තිබෙනවා.

ඇතැම් තරුණයන්, තරුණියන් ද යතුරුපැදියේ පිටුපස නංවා ගෙන තරඟයට යතුරු පැදි ධාවනය කරන අයුරු දැක ගත හැකි වූණා.

ඔවුන් මෙම යතුරුපැදී ධාවනය කිරීමේදී ඒ සඳහා පැමිණෙන තරුණයන් ආහාර ලබා ගැනීමෙන් අමතර ආදායමක් ලැබෙන බැවින් ඒ ආසන්නයේ රාත්‍රී ආපන ශාලාවකද සහය යතුරුපැදිකරුවන්ට නොමද හිමිවන බවත් බුද්ධි අංශ මඟින් වාර්තා වී ඇතැයිද පොලිසිය පැවසුවා.

පොලිස් නිලධාරින් එම ස්ථානය වටලන අවස්ථාවේදී ඇතැම් තරුණයන් එම ආපාන ශාලාවට කඩා වැදී ආහාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සේ හැසිරී කටයුතු කළ බව පොලිස් නිලධාරියකු සඳහන් කළා.

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස හෝමාගම, මහරගම, මත්තේගොඩ, කොට්ටාව සහ අවට පදිංචිකරුවන් පිරිසක්.

එම තරුණයන් පිරිස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *