පාකිස්තාන රජයෙන් විපතට පත් ජනතාවට ලබා දීමට පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර අන්තර්ගත බහාලුම් තොගයක් විශේෂ නෞකාවක් මඟින් ශ්‍රී ලංකා වරායට ගෙන එනු ලැබීය.
එම ආධාර තොගය අද (15) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් මහතා විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දී ඇත.
මෙම මානුෂීය ආධාර අතර අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු බව සඳහන් වේ.
එමෙන්ම කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල් , ඇඳ ඇතිරිලි , ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මෙන්ම විදුලිය නොමැති කඳවුරුවල හා නිවෙස්වල අවතැන් වී සිටින, ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආලෝක පහන් තොගයක් ද මෙම මානුෂීය ආධාර අතරට අයත් වේ.
රජය වෙනුවෙන් එම මානුෂීය ආධාර භාර ගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී වූහ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි