රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
“වාහනය පරික්ෂා කිරීම එක්සැමිනර් ඔෆ් මෝටර් වෙහිකල් ලවා, අපිට වාර්තාව ලැබිලා තියෙනවා. ඒ වාර්තාව අනුව යම් කිසි යාන්ත්‍රික දෝෂයක් තිබිලා තියෙනවා. ඒ යාන්ත්‍රික දෝෂය නිසි පරිදි කළමණාකරණය කරලා නැති බවක් තමයි තියෙන්නේ. ඒකට විරුද්ධවත් අපි නඩු දාන්න කටයුතු කරනවා.”
එම යාන්ත්‍රික දෝෂය, වාහනයේ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එමෙන්ම මන්ත්‍රීවරයාගේ රුධිර සම්පාල කොළඹ ජාතික රෝහලෙන් ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කළා.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසන්නේ, වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවය.
සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී මෙම අනතුර සිදුව තිබුණේ පසුගිය දෙසැම්බර් 11 වනදායි.
ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 12 වනදා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව එදිනම ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්