අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ ගනේමුල්ල සංජීව ලෙස හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රඳවා සිටින සැකකාරියක් සමඟ අනුචිත සම්බන්ධතා පැවැත්වූ බවට අනාවරණය වූ පොලිස් සැරයන්වරෙකු වැඩ තහනමට ලක් කර ඇත.
නන්ද කුමාර් තක්ෂි නම් සැකකාරියට බිස්කට් ලබාදීම, ඇය ආහාරයට ගත් බිස්කට් කැබැල්ලක් ලබාගැනීම සහ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කිරීම CCTV රූපවලින් හෙළිවී තිබේ.
මෙම සැකකාරිය, ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස සමඟ නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ පසු දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අයෙකි.
පොලිස් සැරයන්වරයා මෙම සැකකාරිය රඳවා සිටින සිරමැදිරියට නිතර සමීපව ගමන් කිරීමද පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්