ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන මාර්ගගත සහ මුදල් වංචා ඉහළ යාමක් පිළිබඳ මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින්, වංචාකරුවන් රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ආයතන සහ සහන වැඩසටහන් ව්‍යාජ ලෙස අනුකරණය කරමින් වංචනික සබැඳි සහ ප්‍රවර්ධන පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව CERT පෙන්වා දෙයි.
මෙවැනි සබැඳි හරහා මුදල් පරිත්‍යාග කිරීමට හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට පොළඹවීමෙන්, ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට අනවසර පිවිසුම් සිදු වී මුදල් අහිමි වූ අවස්ථා වාර්තා වී ඇත.
ඒ හේතුවෙන් සැක සහිත සබැඳි වෙත ප්‍රවේශ නොවීම, පුද්ගලික සහ බැංකු තොරතුරු හෙළි නොකිරීම, OTP කේත කිසිවිටෙකත් බෙදා නොගැනීම සහ ඕනෑම මූල්‍ය ඉල්ලීමක සත්‍යතාව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බව Sri Lanka CERT මහජනතාවට අවධාරණය කරයි.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්