Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරියෙකුට මරු කැඳවූ රිය අනතුර

4 weeks ago

වැලිපැන්න පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරන්වරයකු යතුරුපැදියක ගැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.

අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේදී ඊයේ (15) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහුංගල්ල පදිංචි 54 හැවිරිදි පොලිස් සැරන්වරයෙකි.

රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය නවතන ලෙස නියෝග කිරීමේදී එය පාලනය කරගත නොහැකිව පොලිස් නිලධාරියාගේ ගැටී, ඔහු කාණුවකට වැටී බරපතල තුවාල ලබා ඇත.

තුවාල ලැබූ ඔහු අලුත්ගම දර්ගා නගරය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ අතර, යතුරුපැදිකරු සුළු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *