දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිල්ල ලබන මාර්තු මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 13 කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපොළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුර
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි
ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට