Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත ‍වෙයි

4 weeks ago

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සහ හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැකිරාව ආසනයේ සංවිධායකවරයා ලෙසද කටයුතු කර ඇති ජනක් මහේන්ද්‍ර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විය ඔහු 60 වන වියේ පසුවුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු නියෝජ්‍ය මුතුකුමාරණ මහතා ද කලක සිට රෝගී තත්ත්වයෙන් සිට ඊයේ සවස අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු අභාවප්‍රාප්ත ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සමඟ සමකාලීනව දේශපාලනයේ නියැලුන දේශපාලඥයෙකි.

තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු මහ ඇමතිවරයාගේ කාලසීමාවේ දී හිටපු සභානායකවරයා ද වේ.

පසුව ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙමින් 2010 වර්ෂයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා පසුව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *