දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ දරුවන්ගේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටීමෙන් හෝ එවැනි දැනුම්දීම් සිදුකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ, පවතින ආපදා තත්ත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වූ දරුවන් කිහිපදෙනෙකු අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඇතැම් ජාවාරම්කරුවන් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ විස්තර එක්රැස් කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය නිරීක්ෂණය කර තිබෙනවා.
යම් පුද්ගලයෙකු සද්භාවයෙන් වුවද මෙවැනි දරුවන්ගේ සුරක්ෂිතතාව හෝ අභිවෘද්ධිය වෙනුවෙන් මැදිහත් වීමට අපේක්ෂා කරන්නේ නම්, අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැහැදිලි කළා.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා තොරතුරු ලබා ගැනීම සහ ළඟම පිහිටි පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ග්‍රාම නිලධාරී හරහා තොරතුරු විමසීම ආදී ක්‍රියාපටිපාටියට අනුගමනය කළ යුතු බව එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.
සමාජ මාධ්‍ය හෝ පෞද්ගලික දුරකථන අංක හරහා දරුවන්ගේ තොරතුරු ලබාගැනීම හෝ ප්‍රචාරය කිරීම ඇතැම්විට අපයෝජනයකට හෝ අනීතික ක්‍රියාවකට මග පෑදිය හැකි බව ඔහු අවධාරණය කළා.
එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්