Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළට

4 weeks ago

දිට්වා සුළි කුණාටුවත් සමග වෙළදපොලේ උඩරට එළවළු වලට වඩා පහත රට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසයි.

පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුළු එළවලු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එලවලු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාලු මිරිස් කිලෝවක් රු.1300ක්, බෝංචි රු.1000ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ (18) දින එළවලු කිලෝ 91510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එලවලු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවලු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නුවරඑලිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවලු මිල ඉහල නොයන බවයි එම නිළධාරියා කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *