Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

3 weeks ago

​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර නිල හමුවක් ඊයේ (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වුණා.

​මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනය හමුවේ විපතට පත් ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියා කළ කඩිනම් හා විධිමත් ආකාරය මෙහිදී මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ​ලොව සෙසු රටවල අත්දැකීම් හා සැසඳීමේදී, මෙවැනි ආපදා අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ඉතා උසස් මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දුන් බවයි.

එමෙන්ම, සිය වෘත්තීයමය මෙන්ම පෞද්ගලික මැදිහත්වීමද උපරිමයෙන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

​එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන නිරන්තර සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, මෙවර ආපදා කළමනාකරණ කටයුතුවලදී දේශපාලන අධිකාරිය මෙන්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් ඉටුකළ මෙහෙවර විශිෂ්ට බව ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන්ම දිස්ත්‍රික් නායකත්වයේ සිට ප්‍රාදේශීය මට්ටමේ පහළම නිලධාරියා දක්වා සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කිරීම මෙම සාර්ථකත්වයට හේතු වූ බව ඇය සඳහන් කළා.

​ලැබෙන ජාත්‍යන්තර සහයෝගීතාව නිසි ලෙස කළමනාකරණය කරමින්, ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජන ජීවිතය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පවසා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *