Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විරාට් කෝලිගෙන් තවත් සුපිරි වාර්තාවක්

4 weeks ago

ජාත්‍යන්තර ලකුණු 28,000 සීමාව වේගයෙන්ම පසුකළ පිතිකරුවා බවට පත්වෙමින් තවත් සුපිරි වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද (11) සමත් විය.

නවසීලන්තයට එරෙහිව ඉන්දියාවේ වදෝදරාහිදී පැවති පළමු එක්දින තරගයේ දී ඔහු මෙම කඩඉම පසුකර ගියේය.

මෙම තරගයේ දී කෝලි ලකුණු 93ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔහු රැස්කළ ජාත්‍යන්තර ලකුණු (ටෙස්ට්, එක්දින, වි20) සංඛ්‍යාව28,068ක් බවට පත්විය.

ඒ අනුව ඔහු මේ වනවිට ජාත්‍යන්තර ලකුණු වැඩිම ප්‍රමාණයක් රැස්කළ සචින් තෙන්ඩුල්කාර්ට (ලකුණු 34,357 ) පමණක් දෙවැනි වේ.

කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 624වන ඉනිමේදී මෙම කඩඉම පසුකර ගියේය. ටෙන්ඩුල්කාර් මෙම කඩඉම පසුකර ඇත්තේ 644 වන ඉනිමේදීය.

එමෙන්ම මේ සමග කෝලිට ජාත්‍යන්තර ලකුණු වැඩිම ප්‍රමාණයක් රැස්කළ පිතිකරු ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර (ලකුණු 28,016) අබිබවා යාමටද හැකිවිය.

සංගක්කාර ලකුණු 28,000 කඩඉම පස්කර ඇත්තේ ඉනිම් 666කදීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *