Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාර්තා අලුත් කළ වනිඳු

4 weeks ago

ජාත්‍යන්තර විස්සයි-20 (T20I) පන්දු යැවීමේ ලෝක වාර්තාවක් සම කිරීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඊයේ (11) සමත් විය. ඒ ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ වේගයෙන්ම කඩුලු 150 සීමාව පසුකළ පන්දු යවන්නා ලෙස රෂීඩ් ඛාන් තබා තිබූ වාර්තාව සම කරමිනි.

පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති තීරණාත්මක අවසන් තරගයේදී ලකුණු අතරට පැමිණි වනිදු, අගනා කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය. මෙම දක්ෂතාවයත් සමඟ ඔහු සිය 150 වැනි ජාත්‍යන්තර විස්සයි-20 කඩුල්ල සම්පූර්ණ කළේය.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසුකිරීමට වනිදු හසරංග වැය කර ඇත්තේ ඉනිම් 92ක් පමණි. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ද ඉනිම් 92කදී මෙම වාර්තාව පිහිටුවා තිබූ අතර, වනිදු දැන් එම වාර්තාවේ සම හිමිකරුවෙකු බවට පත්ව සිටී.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසු කළ පළමු පන්දු යවන්නා ලෙසද වනිදු හසරංග ඉතිහාස ගත විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *