Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

4 weeks ago

වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇත.

එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් තිබේ.

පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේ දී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලීසිය වෙඩිතැබීමක් සිදුකර ඇත.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

මීට පෙර මොහු මත්ද්‍රව්‍ය චෝදනා 7ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක්  සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

යතුරුපැදියේ ගමන් ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා සොයා පොලිස් විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *