Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්

1 month ago

මාලබේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) සමඟ අත්අඩංගුවට ගත් ‘සොත්ති උපාලි’ නමැත්තාගේ දියණිය ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාරිය දින හතක රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොට්ටේ, මාදිවෙල, ප්‍රගතිපුර පදිංචි කාන්තාවකි.

නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ පොලිස් අධිකාරී ලසිත අබේවික්‍රම යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ, උප පොලිස් පරීක්ෂක දුලාංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටින අනෙකුත් පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ පුළුල් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *