එළැඹෙන කන්නයේ සිට ගොවීන්ගෙන් මිලදී ගන්නා වී සඳහා ගෙවන මිල ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා වී වර්ග සඳහා මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ඒ මහතා අවධාරණය කළේය.
ගොවියා සුරක්ෂිත කිරීමේ අරමුණින් සිදුකෙරෙන මෙම මිල සංශෝධනය යටතේ නව මිල ගණන් පහත පරිදි වේ:
- නාඩු වී: කිලෝවක් රුපියල් 120 (පවතින මිල එලෙසම පවතී)
- සම්බා වී: කිලෝවක් රුපියල් 125 සිට රුපියල් 130 දක්වා
- කීරි සම්බා වී: කිලෝවක් රුපියල් 132 සිට රුපියල් 140 දක්වා
මෙම නව මිල ගණන් එළැඹෙන කන්නයේ අස්වනු නෙළන අවස්ථාවේ සිට ගොවීන්ට හිමිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වී මිල ඉහළ ගියද, පාරිභෝගිකයාට අලෙවි කරන සහල් මිල ඉහළ නැංවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව නාමල් කරුණාරත්න මහතා පැහැදිලි කළේය.
“වී මිල වැඩි කළාට සාපේක්ෂව සහල් මිල වැඩි කිරීමට රජය තීන්දුවක් අරගෙන නෑ. එහෙම තීන්දුවක් ගන්න බලාපොරොත්තුවකුත් නෑ.”
වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ මෙරට සහල් වෙළඳපොළේ ක්‍රියාත්මක වන “සහල් මාෆියාව” මෙවර පාලනය කිරීමට රජය සමත්ව ඇති බවද අමාත්‍යවරයා පැවසීය. සාමාන්‍යයෙන් මෙම වකවානුවේදී සිදුවන සහල් හිඟය හෝ අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම් පාලනය කිරීමට හැකි වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්