ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 81 වැනි වියේ පසු වූ බව සඳහන් වේ.
ඒ මහතා කෙටි කලක් රෝගාතුරුව ප්‍රතිකාර ගනිමින් සිටි බව පවසයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දිනයේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පෙරවරු 09 සිට දෙහිවල, හිල් වීථිය, සිරිවර්ධන පාර අංක 11/C ස්ථානයේ තැන්පත් කර තිබේ.
1944 වසරේදී උපත ලැබූ ඉක්බාල් අතාස් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස සේවය කළ අතර ඔහු විදේශිය පුවත් ඒජන්සි කිහිපයකද සේවය කර ඇත.
ඒ මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට තර්ජන එල්ල වී තිබුණි.
ඔහු ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් ද දිනාගෙන ඇති අතර 2000 දී නිව් යෝර්ක් ටයිම්ස් ඔහුව හැඳිවුයේ “the country’s leading military correspondent ලෙසය.

IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක