Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බ්‍රිතාන්‍යයම කම්පා කළ ශ්‍රී ලාංකික තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වරද පිළිගනී

1 month ago

බ්‍රිතාන්‍යයේ වේල්ස් හි කාඩිෆ් නුවරදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලාංකික කාන්තාවක වූ නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කිරීමේ චෝදනාවට ඇයගේ සැමියා වන තිසර වේරගල (37) වරද පිළිගෙන තිබේ.

නිව්පෝට් ක්‍රවුන් අධිකරණයේදී (Newport Crown Court) පසුගිය සඳුදා පැවති නඩු විභාගය අතරතුර ඔහු මෙම පාපොච්චාරණය සිදු කර ඇත.

මීට පෙර අවස්ථාවලදී තියුණු ආයුධයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබුණ ද, නිරෝධාගේ ඝාතනය සම්බන්ධ චෝදනාව මොහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, නඩු විභාගය පැවැත්වෙන අතරතුර ඔහු සිය බිරිඳ ඝාතනය කළ බවට මිනීමැරුම් චෝදනාවට වරද පිළිගත්තේය.

32 හැවිරිදි වියෙහි පසුවූ නිරෝධා නිවුන්හැල්ලගේ දේහය පසුගිය අගෝස්තු 21 වනදා කාඩිෆ් නුවර මාර්ගයක නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර වැටී තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඒ වන විටත් ඇය බරපතල පිහි ඇනුම් තුවාල ලබා සිටි අතර, පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයට ළඟා වුවද ඇය ඒ වන විටත් මියගොස් සිටි බව වාර්තා විය.

ඝාතනය සිදුකර පළා යමින් සිටි සැකකාර තිසර වේරගල, එදිනම එම ප්‍රදේශයේදීම පොලිස් අත්අඩංගුවට පත්විය.

මිනීමැරුම් චෝදනාවට වරද පිළිගත් තිසර වේරගලට අදාළ දඬුවම් නියම කිරීම ලබන පෙබරවාරි 20 වනදා සිදු කිරීමට අධිකරණය නියම කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *