Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මධ්‍යසාර භාවිතයේ බිහිසුණු ප්‍රතිඵල ගැන අනාවරණයක්! ලංකාවේ මධ්‍යසාර භාවිතය ගැන අලුත්ම වාර්තාව මෙන්න!

1 month ago

ශ්‍රී ලංකාව තුළ මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) අනාවරණය කරයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල සහ නීති විරෝධී යන මධ්‍යසාර වර්ග දෙකෙහිම භාවිතය හේතුවෙන් මෙම මරණ සංඛ්‍යාව වාර්තා වන බවයි.

මධ්‍යසාර භාවිතයේ සංඛ්‍යාලේඛන

සම්පත් ද සේරම් මහතා විසින් ඉදිරිපත් කළ නවතම දත්ත අනුව මෙරට මධ්‍යසාර භාවිතයේ ස්වරූපය මෙසේය:

  • සමස්ත ජනගහනය: මෙරට සමස්ත ජනගහනයෙන් 20%කට අඩු පිරිසක් තවමත් මධ්‍යසාර භාවිත කරති.
  • පුරුෂ පාර්ශවය: වයස අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් මධ්‍යසාර සඳහා යොමුවී ඇත.
  • කාන්තා පාර්ශවය: කාන්තාවන් අතර මධ්‍යසාර භාවිතය 0.5%ක ඉතා අඩු අගයක් ගනී.

නීති විරෝධී මධ්‍යසාර භාවිතය ඉහළට

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වර්තමානය වන විට නීති විරෝධී මධ්‍යසාර භාවිතයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. වාර්තා අනුව එය 10%ක පමණ අගයක් ගනු ලබයි.

මෙම තත්ත්වය මෙරට මහජන සෞඛ්‍යයට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත්, මධ්‍යසාර නිවාරණය සඳහා වඩාත් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පවතින බවත් ඇඩික් ආයතනය අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් ද සේරම් මහතා,

“අපේ රටේ මධ්‍යසාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත් තාමත් 20%කට අඩු ප්‍රමාණයක් තමයි සමස්ත ජනගහනයෙන් මධ්‍යසාර භාවිත කරන්නේ.  එකෙන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනය ගත්තොත් 34.8%ක් මධ්‍යසාර භාවිත කරනවා කාන්තාවන් තාමත් ඉතාම හොඳ තැනක තියෙන්නේ 0‍.5%යි. විශේෂයෙන් මේ කාලයේදී මතුවෙච්ච කාරණයක් තමයි නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ඉතාම ඉහළ ගිහිල්ලා කියන කාරණය. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 10%ක ප්‍රමාණයක් තමයි නීති විරෝධී මධ්‍යසාර භාවිත කරන්නේ. අපි දැක්කා නීතිවිරෝධී මධ්‍යසාර භාවිත කරලා 5-6ක් මිය යනවා. හැබැයි අද දවසේ මිනිස්සු 50ක් මධ්‍යසාර මිනිස්සු මරලා දානවා. ඒක නීත්‍යානුකූල, නීති විරෝධී දෙකම එකතු වෙලා මිනිස්සු 50 දෙනෙක් මරලා දානවා හැබැයි අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *