පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මෙම තීරණය මගින් මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව පවසමින්, ඒ සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා එම එකමුතුව විසින් පහත නායකයින් සහ ආයතන වෙත පෞද්ගලික ලිපි යොමු කර ඇත
- අමෙරිකානු ජනාධිපතිවරයා
- ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා
- ජිනීවා මානව හිමිකම් කවුන්සිලය
- අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU)
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කළේ මෙම ක්‍රියාවලිය පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවයි.
විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් විස්සක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට සූදානම් වේ. දැනටමත් පෙත්සම් කිහිපයක් භාර දී ඇති ඇත.
දෙසැම්බර් 7 වැනිදා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට පසුගිය 7 වැනිදා සිට දින 14 ක කාලයක් හිමි වේ.දෙවැනි කියවීම ලබන මස අගදී පැවැත්වීමට නියමිතය.මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් හිටපු මන්ත්‍රීවරුන් 512 දෙනෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.
(source – lankadeepa)

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී