Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුසියාවේ ශ්‍රී ලංකා නව තානාපතිනිය රුසියානු ජනපතිට අක්ත පත්‍ර භාරදෙයි

3 weeks ago

රුසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වූ ශෝබිනී ගුණසේකර මහත්මිය සිය අක්තපත්‍ර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත නිල වශයෙන් භාර දී තිබේ.

මෙම රාජ්‍ය තාන්ත්‍රික උත්සවය රුසියාවේ මොස්කව් නුවර පිහිටි ඓතිහාසික ක්‍රෙම්ලින් මාලිගයේදී පවත්වා ඇත.

මෙම අවස්ථාව සඳහා ලොව පුරා රටවල් 32ක තානාපතිවරුන් සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් එක්ව සිටි අතර, රුසියානු රජය නියෝජනය කරමින් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ද සහභාගී වූහ.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් යන මහත්වරුන් ජනාධිපති පුටින් සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව පැවති සුහද හමුවේදී, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ සමස්ත ශ්‍රී ලංකා වැසියන්ගේ සුභාශිංසන තානාපතිනිය විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *