Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ප්‍රබලයෙක්ට හෙට තරඟය අහිමි වන ලකුණු

3 weeks ago

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (22) ආරම්භ වීමට නියමිතව තිබියදී, ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එම තරගය සඳහා විවේකය ලබා දීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර ඇති බව වාර්තා වේ.

මීළඟ මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය සහ ශාරීරික යෝග්‍යතාව කළමනාකරණය කිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.

ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස ආබාධවලට ලක්වීම වැළැක්වීම සඳහා වනිඳු ඇතුළු නිත්‍ය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම මෙම තරගාවලියේදී විවේකය ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියකට පෙර සංචිතයේ සිටින සෙසු ක්‍රීඩකයින්ගේ දක්ෂතා පරීක්ෂා කර බැලීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

ලෝක කුසලානයට පෙර පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය මැන බැලෙන තීරණාත්මක පරීක්ෂණයක් වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *