විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (21) තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බංග්ලාදේශය වෙනුවට වෙනත් රටක් ආදේශ කරන බව බංග්ලාදේශ රජයට හා එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව සඳහන්ය.
බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්යෙන් අද පැවති තීරණාත්මක සාකච්ඡාවේ දී මෙම තීණය ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ රැස්වීමෙන් පසු ඡන්දයක් පවත්වා ඇති අතර, එහිදී ආදේශකයෙකු පත් කිරීමට බොහෝ දෙනෙකු පක්ෂව ඡන්දය ලබාදී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ තම ස්ථාවරය දැනුම්දීමට ICCය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනට තවත් එක් දිනයක් ලබා දී ඇති බව සඳහන්.
ඒ අනුව බංග්ලාදේශය සිය තීරණය වෙනස් නොකරන්නේ නම්, බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ‘C’ කාණ්ඩයේ තරග කිරීමට නියමිතය.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!