මත්ද්‍රව්‍ය භාවිත කරමින් මගී බස් රථ ධාවනය කරන රියදුරන් සහ සහයකයන් ක්ෂණිකව හඳුනා ගැනීම සඳහා වූ විශේෂ ජංගම රසායනාගාර (Mobile Lab) සේවාව ඊයේ (21) කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මගී ජීවිත අවදානමට ලක් කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
මෙම නවීන ජංගම රසායනාගාරය හරහා රියදුරෙකු පසුගිය දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේද යන්න විනාඩි කිහිපයක් වැනි කෙටි කාලයකදී පරීක්ෂණ වාර්තා මඟින් ලබාගත හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය වර්ග හතරක් සම්බන්ධයෙන් පරීක්ෂාවන් සිදු කෙරේ.
ඊයේ දින රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් දුරගමන් සහ කෙටිදුර සේවා බස් රථ රියදුරන් 59 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී රියදුරන් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු විය.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනා ගන්නා රියදුරන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රියදුරු බලපත්‍රය අහෝසි කිරීම දක්වා වූ උපරිම නීතිමය ක්‍රියාමාර්ග ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ගමනා ගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සේවාව ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. ජේ. සේනාධිර මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යු.සී.පී. පෙරේරා මහතා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු