Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැතිබැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයින් 3ක් ජීවිතක්ෂයට

2 weeks ago

අහංගම හබරාදුව පැලැස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ඉදි කෙරෙන පැතිබැම්මක් කඩා වැටීමෙන් ඊට යට වූ පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

වැඩබිමක පැතිබැම්මක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට එම බැම්ම කඩා වැටී තිබෙනවා.

බැම්මට යට වී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි අහංගම පොලීසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ  පදියතලාව මොරකැටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් සහ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලීසිය පැවසීය.

මියගිය තිදෙනාගේ මළසිරුරු මේ වනවිට අහංගම ග්‍රාමිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *