තිස්සමහාරාම, ගල්කණු මංඩිය ප්‍රදේශයේ මාර්ගයක තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ (29) අලුයම මෙම පුද්ගලයා මාර්ගයේ වැටී සිටියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව පොලිස් නිලධාරීන් විසින් වහාම ඔහු තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී සිදුකළ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා තිස්සමහාරාම, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.
මොහු පසුගිය 28 වනදා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් වන අතර, ඔහු ඊයේ (29) අලුයම් කාලයේ අනවසරෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි