අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මත්තමගොඩ, පලෝවිට ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාල අනතුර සිදුව ඇත්තේ කෑගල්ල දෙස සිට ධාවනය වූ යතුරුපැදියක්, අවිස්සාවේල්ල දෙස සිට පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙනි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු වහාම කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන දෙදරු පියෙකි.
විශේෂත්වය වන්නේ, මියගිය පුද්ගලයා විදේශගත වීම සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන සූදානම් කරගෙන යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබීමයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රුවන්වැල්ල පොලීසිය විසින් මෙහෙයවනු ලබයි.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට