Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාව තීරණය කළ සැණින් ගෙදර යන්න සූදානම්  – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

2 weeks ago

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කරන ඕනෑම මොහොතක තමා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මිය පවසන්නීය. ඇය මේ බව අවධාරණය කළේ ඊයේ (23) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමිනි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණි අග්‍රාමාත්‍යවරිය, එසැණින් පාර්ලිමේන්තු විවාදයට එක් වූවාය. එහිදී විපක්ෂය එල්ල කරන විවේචන සහ විශ්වාසභංග යෝජනා පිළිබඳව ඇය සෘජු ප්‍රකාශයක් සිදු කළාය.

“ජනාධිපති අයින් කරගන්න බැරි වුණා. අඩුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කළා නේ. මං මේ අද උදේ දිවයිනට ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. ගේන්නේ නැද්ද? අපරාදේ, අපි ලෑස්තිවෙලා හිටියේ.”

විපක්ෂය විසින් ගෙන එනු ලබන දේශපාලන අභියෝගවලට වඩා තමාට වැදගත් වන්නේ ජනතා කැමැත්ත බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

“විශ්වාසභංග යෝජනාව ඔබතුමාලා ගේන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කළාම අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා, අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. ඒ අනුව අපි අපේ වැඩකටයුතු කරගෙන යනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *