Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘කෙසෙල්වත්තේ දිනූෂ’ව දිවයිනට රැගෙන එයි

2 weeks ago

ඉන්දියාවේ සැඟව සිටි ප්‍රබල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ඊයේ (24) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට රැගෙන එනු ලැබීය.

මොහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා ‘රතු නිවේදන’ (Red Notice) නිකුත් කර තිබූ බව වාර්තා වේ.

සැකකරු ගුවන් මගින් මෙරටට පැමිණි අවස්ථාවේදී, කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ඔහුව සිය භාරයට ගනු ලැබීය. පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

මෙලෙස ගෙන්වා ඇත්තේ අවුරුදු 34ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය සඳහන් කරන පරිදි, මෙම සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *