එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ගත් තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) තීරණය කර තිබේ.
ඊයේ (24) ඩකා නුවර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මහතා මේ බව තහවුරු කළේය.
ICC තීරණයට එරෙහිව බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආරවුල් විසඳීමේ කමිටුව වෙත යෑමට සූදානම් වන බවට පසුගිය දිනවල විවිධ වාර්තා පළ විය. එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් අම්සාඩ් හොසේන් මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තම මණ්ඩලයට අවශ්‍යතාවක් නොමැති බවයි.
“අපි ICC මණ්ඩලයේ තීරණය පිළිගත්තා. ICCය අපේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන්න බැහැ කියලා කියලා තියෙන නිසා, මේ අවස්ථාවේදී අපිට ඉන්දියාවට ගිහින් ක්‍රීඩා කරන්න බැහැ. අපේ ස්ථාවරයේ එලෙසම ඉන්නවා. අපි වෙනම බේරුම්කරණයකට හෝ වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට යන්නේ නැහැ”

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!