Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දරුණු විවේචනයක්

2 weeks ago

ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹදී පැවති දෙවැනි එක්දින තරගය සඳහා භාවිත කළ තණතීරුව විවේචනය කරමින් එය බොහෝවිට තමා ක්‍රීඩා කළ ‘නරකම’ තණතීරුව බව එංගලන්ත නායක හැරී බෲක් කියා සිටියේය.

ජෝ රූට්ගේ ලකුණු 75 හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු පහක ජයග්‍රහණයක් ලබාගත්තේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 220ක් සාර්ථකව හඹා යමිනි.

එංගලන්තය මෙම තරගයේදී ඕවර 40.3ක් දඟ පන්දු යැවීමට තෝරාගෙන තිබූ අතර ඔවුන් 1985 දී සාජාහිදී පාකිස්ථානයට එරෙහිව පැවති ඕවර 50 තරගයකදී යැවූ ඕවර 36 ඉක්මවා එක්දින තරගයකදී යැවූ වැඩිම දඟ පන්දු සංඛ්‍යාව මෙයයි.

ඊයේ තරගයට ලබා දුන් තණතීරුව පිළිබඳව අදහස් දැක් වූ එංගලන්ත නායක හැරී බෲක්,

“‘”රටින් පිටතදී ජයග්‍රහණයක් ලැබීම සතුටක් වුණත්, මේක අපි ක්‍රීඩා කරපු නරකම තණතීරුවක්. මෙවැනි පිච් එක්දින තරගවලට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. අපේ පන්දු යවන්නන් දක්ෂ ලෙස දඟපන්දු යවන්නන්ව භාවිතා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ කළා. විශේෂයෙන්ම විල් ජැක්ස් ඉතා විශිෂ්ට කාර්යයක් ඉටු කළා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *