කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් මුළා කර මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
තම නිල Facebook ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ව්‍යාජ පුද්ගලයෙකු විවිධ දුරකතන අංක ඔස්සේ මහජනතාව සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ කරගනිමින් මෙලෙස මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි.
තමන් ලෙස පෙනී සිටින කිසිදු පුද්ගලයෙකුට මුදල්, පුද්ගලික තොරතුරු හෝ නිල ලේඛන ලබාදීමෙන් වළකින්න.
යම් හෙයකින් සැක සහිත දුරකතන ඇමතුම් හෝ පණිවිඩ ලැබෙන්නේ නම්, ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී පොලීසියට පැමිණිලි කරන ලෙස ඔහු ඉල්ලා සිටී.
රජයේ නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කිසිවිටෙකත් දුරකතන ඇමතුම් හරහා පෞද්ගලිකව මුදල් ඉල්ලා නොසිටින බව සිහි තබා ගන්න.
“මගේ නම භාවිතා කරමින් සිදුකරන මෙම වංචා සහගත ක්‍රියාවන්ට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.” – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි