Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් මිල ඉතිහාසයේ පළමුවරට ඩොලර් 5,000 සීමාව පසු කරයි

2 weeks ago

ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසු කරමින් අතිශය තීරණාත්මක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2025 වසරේ සිට අඛණ්ඩව ඉහළ ගිය රන් මිල, 2026 වසරේ මුල් සති කිහිපය තුළද සිය වාර්තාගත වර්ධනය තවදුරටත් රඳවා ගැනීමට සමත්ව තිබේ.

අද (26) පෙරවරුවේ ජාත්‍යන්තර වෙළඳපොළේ දත්ත වලට අනුව රන් මිලෙහි වෙනස්වීම් මෙසේය:

  • රන් අවුන්සයක මිල (Spot Gold): ඇමෙරිකානු ඩොලර් 5,036.57
  • උපරිම මිල සීමාව: ඇතැම් අවස්ථාවලදී මිල ඩොලර් 5,043 දක්වා ඉහළ ගියේය.
  • වර්ධන ප්‍රතිශතය: 2025 වසරේදී පමණක් රන් මිල 60%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

රන් මිලට සමගාමීව ලෝක වෙළඳපොළේ රිදී මිලද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ රිදී අවුන්සයක මිල ද ප්‍රථම වතාවට ඩොලර් 100 සීමාව පසුකර ඇති බවයි.

ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ ආයෝජකයින් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් වෙත යොමුවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *