Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවක වැටුප 65%කින් ඉහළට – 100% වැඩිකරන දිනය මෙන්න

2 weeks ago

සිළුමිණ පුවත් පත වාර්තා කරන ආකාරයට මේ වනවිට රාජ්‍ය සේවක වැටුප 65%කින් වැඩි කර ඇත.

රජය ඉකුත් අයවැයෙන් ඉදිරිපත් කල රාජ්‍ය සේවක වැටුප් වර්ධකයෙන් 35%ක් සියලු රාජ්‍ය සේවකයන්ගේ ජනවාරි මස වැටුපට එක වී ඇති අතර,ඒ සමගම අයවැයෙන් පොරොන්දු වූ රාජ්‍ය සේවකයන්ගේ සමස්ථ වැටුප් වර්ධනය 65% දක්වා සම්පුර්ණ වී ඇත.

රජය විසින් 2025 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කල රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට අදාළව මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු.5000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවන අතර ඉදිරි 70% 2026 වසරේ ජනවාරි මස සහ 2027 වසරේ ජනවාරි මාස වලදී සමාන කොටස් වශයෙන් ගෙවීමට තීරණය විය.

ඒ අනුව 2026 අයවැය යෝජනාවේදී දෙවෙනි පියවර ලෙස මෙවර ජනවාරි මාසයේදී වැටුප් වර්ධනය 35% රාජ්‍ය සේවකයනගේ වැටුපට එකතු වූ අතර රජය විසින් ඒ සදහා රුපියල් බිලියන 110ක් වෙන් කළේය.

වැටුප් වර්ධනයේ ඉතිරි 35%2027 ජනවාරි මස වැටුප සමග ගෙවීමට නියමිත අතර ඒ අනුව සමස්ත වැටුප් වර්ධකය ඒ වනවිට 100% බවට පත්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *