ශ්‍රී ලංකා යොවුන් පිල සුපිරි හයදෙනාගේ වටයේ පළමු ජය වාර්තා කළේය.
ඒ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ අද (26) පැවති තරගයෙන් ජයගැනීම කඩුලු 4ක ජයක් ලබා ගැනීමත් සමඟය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 193කි.
එහිදී ඔස්මන් සදාට් ලකුණු 61ක් සහ අසිසුල්ලාහ් මියාඛිල් ලකුණු 43ක් රැස්කළහ.
පන්දුයැවීමේදීම කුගදාස් මදුලන් සහ විරාන් චමුදිත කඩුලු දෙක බැගින් දවාගත්තහ.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 6ක් දැවී ලකුණු 194ක් වාර්තා කළේය.
මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී පැවැත් විය.

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු