Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් කාන්තාවක් හෙරොයින් සමඟ පොලිස් අත්අඩංගුවට

2 weeks ago

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව පොලිසිය විසින් ඊයේ (26) පස්වරුවේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරිය අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හෝ බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකාර කොස්තාපල්වරිය අද (27) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *