Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

2 weeks ago

ගණකාධිපති ධුරය සඳහා එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීම සුදුසු බව පවසමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් පසු 2025 අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වා එම ධුරය පුරප්පාඩුව පවතින බැවින්, ඒ සඳහා කඩිනමින් ස්ථිර පත්වීමක් සිදු කරන ලෙස උන්වහන්සේලා ඉල්ලා සිටිති.

මෙම තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම සුදුසු නොවන බව මහ නාහිමිවරුන් අවධාරණය කරති. දැනට එම ධුරයේ වැඩ බැලූ ධර්මපාල ගම්මන්පිල මහතාගේ වැඩ බලන කාලය ද පසුගිය දෙසැම්බර් 05 වැනිදායින් අවසන් වී ඇති බවත්, රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමට දෙපාර්තමේන්තුව තුළම අත්දැකීම් ඇති නිලධාරියෙකු පත් කිරීම යෝග්‍ය බවත් එම ලිපියේ සඳහන් වේ.

විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්වයන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මතභේද ඇති කිරීමට උත්සාහ දරන බව පෙන්වා දෙන මහා නාහිමිවරුන්, එමගින් රජයේ ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳ සෘණාත්මක මතවාද සමාජගත විය හැකි බව ද පෙන්වා දෙති. ජනාධිපතිවරයා විසින් මීට පෙර යෝජනා කළ නම් කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප වී තිබීම හේතුවෙන් මෙම පත්වීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව ද එම ලිපිය මගින් සිහිපත් කර ඇත

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *