වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි කිරීම වෙනුවෙන් පමණක් 2026 වසරේදී රුපියල් බිලියන 220ක අමතර පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි. පසුගියදා (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වැටුප් වර්ධක සඳහා වැයවන මුදල ඉදිරි වසරවලදී තවදුරටත් ඉහළ යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, 2027 වසරේදී ඒ සඳහා රුපියල් බිලියන 330ක මුදලක් වැයවනු ඇති බව අනාවරණය කළේය. පසුගිය 2025 වසරේදී මෙම වැටුප් වැඩි කිරීම් වෙනුවෙන් වැයවූ මුදල රුපියල් බිලියන 110ක් බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.
මෙම මූලික වැටුප් වැඩිවීමත් සමඟ ඊට සාපේක්ෂව අතිකාල දීමනා, අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනාද ඉහළ යන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ජනවාරි මාසයේ සිට මෙම වැඩි වූ වැටුප රාජ්‍ය සේවකයන්ට හිමිවන බවත්, එවැනි මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට හැකිවන්නේ රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!