Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පවන් රත්නායක ගැන ජෝ රූට් දුන් සහතිකය

2 weeks ago

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක අවසන් තරගයෙන් එංගලන්තය ලකුණු 53ක ජයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෲක් පන්දු 66කදී නොදැවී ලකුණු 136ක් ලබාගත් අතර, ජෝ රූට් ලකුණු 111ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 04ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 302ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම අසීරු අඩියක තිබියදී පිටියට පිවිසි යොවුන් පිතිකරු පවන් රත්නායක, සිය මංගල ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 115කදී ලකුණු 121ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල දක්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායකගේ මෙම දක්ෂතාව දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා විචාරකයින්ගේ ද ඉහළ ඇගයීමට ලක්ව තිබේ.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෝ රූට්, ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පවන් රත්නායක ක්‍රීඩා කළ ඉනිම පිළිබඳව සිය ඉහළ ඇගයීම පළ කර සිටියේය. පවන් රත්නායක යනු සැබවින්ම වටිනා ක්‍රිකට් අනාගතයක් ඇති ක්‍රීඩකයෙකු බව රූට් එහිදී අවධාරණය කළේය.

ඊයේ රාත්‍රියේ පවන් ප්‍රදර්ශනය කළ පිතිකරණය පිළිබඳව අදහස් දක්වමින් ජෝ රූට් පවසා සිටියේ, පවන් රත්නායක ඉතා දක්ෂ ලෙස පිතිකරණ අන්තය (Strike rotation) හුවමාරු කරගන්නා බවත්, ඔහු සතුව හතරේ සහ හයේ පහරවල් එල්ල කිරීම සඳහා ඉතා හොඳ විකල්ප පවතින බවත්ය.

“ඔහුට පිතිකරණ අන්තය වෙනස් කරන එක හොඳින් කරගන්න පුළුවන්. ඒ වගේම ඔහුට හතරේ සහ හයේ පහරවල් එල්ල කරන්නත් හොඳ විකල්ප තියෙනවා. මට හිතෙන්නේ ඔහුට ඉදිරියේදී ඉතා හොඳ අනාගතයක් තියෙනවා. ඒ නිසා මම ඔහු ගැන අනිවාර්යයෙන්ම අවධානයෙන් බලා සිටිනවා,” යැයි ජෝ රූට් වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉනිම දැඩි අර්බුදයක තිබියදී පිටියට පිවිසි පවන් රත්නායක, සිය මංගල ජාත්‍යන්තර ශතකය ලෙස ලකුණු 121ක් රැස් කරමින් ලෝක ක්‍රිකට් විචාරකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *