අම්බලන්ගොඩ, සුනාමි වත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය වී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කළ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
ඝාතනයට ලක්වූ තරුණයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු වන බවද පැවසෙයි.
කෙසේවෙතත් මෙම ඝාතනය අනියම් සබඳතාවයක් මුල් කරගනිමින් සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තාගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ තරුණයා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඊට උරණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.
ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.
(source – ada derana)

බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට