අම්බලන්ගොඩ, සුනාමි වත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය වී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කළ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
ඝාතනයට ලක්වූ තරුණයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු වන බවද පැවසෙයි.
කෙසේවෙතත් මෙම ඝාතනය අනියම් සබඳතාවයක් මුල් කරගනිමින් සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තාගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ තරුණයා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඊට උරණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.
ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.
(source – ada derana)

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!