024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර තරග පාවාදීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරු වූ දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිටපු හිමිකරු තමීන් රහුමාන්ට කොළඹ මහාධිකරණය අද (28) දැඩි දඬුවම් නියම කළේය.
ඒ අනුව, ඔහුට රුපියල් මිලියන 24ක දඩයක් ගෙවන ලෙස නියම කළ අධිකරණය, වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළේය. එම සිරදඬුවම වසර 05ක කාලයකට අත්හිටුවීමට මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කළේය.
තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර තමීන් රහුමාන් එම චෝදනාවලට වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දෙන ලදී.
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේදී කණ්ඩායම් හිමිකරුවෙකුට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. මෙම සිද්ධියට අදාළව කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළ මුජීබ් උර් රහුමාන් නමැති පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට ගැනීම සඳහා ද අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!