සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ බව පොලීසිය දැනුම් දී තිබේ.
ඒ මහතා දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති.
ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් මෙහෙයවා ඇත.
ඕලුගල මහතා විසින් අති සාර්ථකව මෙහෙය වූ ආසන්නතම පොලිස් මෙහෙයුම් ලෙස කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගැනීම පෙන්වා දිය හැකිය.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!