කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද සඳහන් වනවා.
සැකකාර පොලිස් නිලධාරින්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගේ තිදෙනෙකු පියතුමා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගෙන ඇති අතර ඉන් අයෙකු පහර දුන් බව ද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.
සෙසු නිලධාරින් දෙදෙනා එම අවස්ථාවේදී ඒ අසල සිටි අය බවට ද පියතුමා ප්‍රකාශ කර තිබුණා.
මේ සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!