ඇමෙරිකානු නාවික හමුදාවේ සීල් (US Navy SEAL) මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ලුතිනන් කොයන් චමිත මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය දැඩි ශෝකය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) දක්ෂ නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහුගේ වියෝව සම්බන්ධයෙන් තානාපති කාර්යාලය X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් මෙම සංවේගය පළ කර ඇත.
එම සටහන මගින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ලුතිනන් චමිත යනු අතිශය දුෂ්කර US Navy SEAL පුහුණුව නිමා කළ පළමු ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වූවෙකු බවයි. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සමඟ එක්ව සිදුකළ විශිෂ්ට සේවය ඇගයීමට ලක් කර ඇති අතර, සමුද්‍රීය ආරක්ෂාව සහ විශේෂ මෙහෙයුම් ක්ෂේත්‍රය තුළ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප වෘත්තීය හවුල්කාරිත්වය ඔහුගේ සේවය තුළින් මනාව පිළිබිඹු වූ බව ද එහි සඳහන් කර තිබේ.
ලුතිනන් චමිතගේ අභාවය සමස්ත ශ්‍රී ලංකා නාවික ප්‍රජාවටම සිදු වූ විශාල පාඩුවක් බව පවසන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, මිතුරන්ට සහ නාවික හමුදාවේ සෙසු සගයන්ට සිය අවංක ශෝකය ප්‍රකාශ කර සිටියි.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!