ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල මෙවර “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ අභිමානවත් ලෙස පැවැත්වීමට රජය තීරණය කර ඇත. මෙරට අනාගත සංවර්ධන මාවත සහ ජාතික සමගිය පිළිබිඹු වන අයුරින් මෙවර උත්සව කටයුතු සංවිධානය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිදහස් දින උළෙලට සමගාමීව පැවැත්වෙන සන්නද්ධ හමුදා සහ පොලිස් පෙළපාලිය සඳහා වන පෙරපුහුණු වැඩසටහන් ලබන ජනවාරි 30, 31 සහ පෙබරවාරි 01, 02 යන දිනයන්හි කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේ නිසි ප්‍රමිතියෙන් හා විනයානුකූලව සැමරුම් උළෙල පවත්වාගෙන යාම සඳහා මෙම පුහුණු සැසි අත්‍යවශ්‍ය බවයි.
නිදහස් දින උත්සවය සහ පෙරහුරු පැවැත්වෙන කාලය තුළ කොළඹ නගරය තුළ මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද පොලිසිය සැලසුම් කර ඇත. ඒ අනුව උත්සවය පැවැත්වෙන ප්‍රදේශය අවට මාර්ග පද්ධතියේ ගමනාගමන කටයුතු සීමා කෙරෙන අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!