ජනප්රිය රංගන ශිල්පී රජිත හිරාන් (පිං පොං) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම සාවද්ය බව එම ආසනයේ ප්රධාන සංවිධායක අජිත් නාරගල මහතා අවධාරණය කරයි.
ඊයේ (29) දින මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ රංගන ශිල්පියා කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම අසත්ය ප්රචාරය ගෙන යන බවයි.
ජනවාරි 29 වන දින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්රධානත්වයෙන් කැස්බෑව “නෙළුම් මාවත” පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, ඒ සඳහා දේශපාලනඥයින් මෙන්ම කලාකරුවන් රැසක් එක්ව සිටියහ.
එහිදී අනෙකුත් ආරාධිතයින් මෙන්ම රජිත හිරාන් මහතා ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තැබූ බවත්, එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් උපයෝගී කරගනිමින් ඔහු ආසන සංවිධායක ලෙස පත් වූ බවට අසත්ය පුවත් නිර්මාණය කර ඇති බවත් අජිත් නාරගල මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙවැනි ව්යාජ පුවත් නිර්මාණය කිරීම පිළිබඳව සිය කණගාටුව ප්රකාශ කළ නාරගල මහතා, මෙය පක්ෂය වටා එකතු වන කලාකරුවන් සහ ජනප්රිය පුද්ගලයින් අධෛර්යයට පත් කිරීම සඳහා ගනු ලැබූ “පහත් උත්සාහයක්” බවද ප්රකාශ කළේය.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්රී ලංකා කණ්ඩායම ජයග්රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!