තරග පාවාදීමේ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ඇරන් ජෝන්ස්ට (Aaron Jones) වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන ඇත. බාබඩෝස් හි පැවති ‘BIM10’ ලීග් තරගාවලිය අතරතුර සිදුවූ බව කියන දූෂණ ක්‍රියා කිහිපයක් මුල් කරගනිමින් මෙම තහනම පනවා තිබේ.
මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයට අයත් වගන්ති 5ක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ICCය, මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඇරන් ජෝන්ස්ට පසුගිය 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 14ක කාලයක් ලබා දී තිබේ.
ලබා දී ඇති එම කාලසීමාව තුළ සිය නිර්දෝෂීභාවය තහවුරු කිරීමට ඔහු අපොහොසත් වුවහොත්, ඔහුට ඉදිරියේදී දීර්ඝකාලීන ක්‍රිකට් තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි