Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවන් ගැන දැඩි තීරණයකට රජය සැරසෙයි

1 week ago

වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම ගැන රජය පියවර ගනිමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

ළමා මනෝ වෛද්‍යවරුන් විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ තහනම ක්‍රියාත්මක කිරීමට පෙර විවිධ පාර්ශ්ව සමඟ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි ඇය පවසා සිටියේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ විවිධ අපයෝජනයන්ගෙන් ඔවුන් මුදාගැනීම සඳහා ලොව පුරා මෙවැනි තහනම් පැනවීමේ ප්‍රවණතාවක් පවතින බවයි ඇය මෙහිදී පැවසුවේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පසුගියදා සඳහනන් කළේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට TikTok, X, Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍ය භාවිතය දැනටමත් තහනම් කර ඇති අතර, ප්‍රංශය ද වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා මෙවැනිම සීමාවන් පනවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *