2026 වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් අමෙරිකානු සංචිතය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මීට පෙර 2024 වසරේදී පාකිස්ථානය පරාජය කරමින් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි අමෙරිකානු කණ්ඩායම මෙවර සහභාගී වන්නේ ඔවුන්ගේ දෙවන ලෝක කුසලාන තරගාවලිය සඳහායි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය පළමු වරට අමෙරිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
මීට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ධම්මික ප්‍රසාද් වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
අමෙරිකානු ක්‍රිකට් ආයතනය (USA Cricket) මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අත්හිටුවා තිබීමත්, එම ආයතනය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමත් හේතුවෙන්, ක්‍රීඩකයින් තේරීමේ කටයුතු සිදුවූයේ ICC සහ අමෙරිකානු ඔලිම්පික් කමිටුවේ (USOPC) මැදිහත්වීමෙන්.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!