විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා විසින් පස්වන වරටත් ව්‍යවස්ථාදායක සභාවට විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නමක් යෝජනා කර එවා තිබුණා.
ඒ අනුව අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද එළැඹෙන අඟහරුවාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා.”

සාමාන්‍ය පෙළ සමත් සිසු සිසුවියන් 300කට ඉන්දියාවෙන් ආධාර
හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි